සාහිත්‍යයමය ලිවීමේ මානුෂීය සාරය මෙහි සටහන් වී ඇත. මෙරට වත්මන් මෝස්තරය වී තිබෙන වසල සල්පිල් නැමියාව, කලා ශාස්ත්‍රෝන්නතිය නොඉවසීම, විනෝද කර්මාන්තයේ ධාවක පටියක් බවට සිංහල සාහිත්‍යය පත් කිරීම, ජනකාන්ත මාධ්‍ය අවතාර කර්ත වෙස් ගැනීම, මහා කලා ශානර මස්සබාල්දු කිරීම යන අඳුරු බියකරු සමකාලීන අවස්ථාවාදය සපුරා ප්‍රතික්ෂේප වේ.
සමාජ ආර්ථික ඵලප්‍රයෝජනය හා ශුද්ධ ඥාන පිපාසාව අතර අධ්‍යයාපනය ධ්‍රැවීකරණය වී ඇත. ඊට එරෙහි සමාජ අරගලය අප යුගයේ නොනිමෙන සංස්කෘතික – දේශපාලන වගකීම ලෙස සලකන්නට පුළුවන.
අද දවසේ සාහිත්‍යකරුවෙකුගේ ජීවිතයට තමාගේම වූ අන්තර්ගතයක් හා මනුෂ්‍ය දාර්ශනික සාරයක් තිබෙනවා ද? – පිළිතුර ඔව් ඔව් යන්න ය. වාමවාදයේ ගමන් මඟ අවසන් පිළිසරණ ලෙස මෙරට මැද පංතිය තුල සලකුණු වීමේ අලුත් කාල පරිච්චේදය ආරම්භය මෙහි අවසානයේ සලකුණු වේ.