වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණියේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.
- You cannot add "සන්තෝෂ විල - Santhosha Vila" to the cart because the product is out of stock.
| book-author | |
|---|---|
| format |



















