සිව් සෘතු සිතුවිලි | Siwu Irthu Sithuweli

Rs.900.00

3 X Rs. 300.00 with mintpay_info_icon_woocommerce

Author: Manjula Senarathne

Publisher: Muses Publishers

ISBN: 978-624-5579-08-2

Pages: 248

නිවාඩු දිනයක උදෑසන අවදි වෙද්දී යහන අසල පුටුවක වාඩිගෙන ඇය මදෙස බලා සිටියාය. මදෙස බලා සිටීමට හේතුව කුමක්දැයි ඇසූ විට ඇය කළේ යහනට ගොඩ වි මගේ තුරුලට වැදීම පමණකි. ඇතැම් විට හිම වැටෙන දිනක, සුළං හමන වැසි වැටෙන දිනෙක, ග්‍රීෂ්ම හිරු බැබළෙන දිනක ඇය කල්පනාවේ නිමග්නව කවුළුවෙන් පිටත බලා සිටිද්දී ඔයා මොනවා ගැනද කල්පනා කරන්නෙ? යැයි මම ඇසුවෙමි. යන්තම් සිනහවක් පා මා වැළඳගෙන නොදොඩා සිටියා විනා පිළිතුරු දීමේ වුවමනාවක් ඇයට නොවිණ නිරෝෂිනී මට නොකියන රහසක් හිතේ තබාගෙන සිටියාය යැයි මම වරෙක සිතුවෙමි.

  • ලේඛක මංජුල සේනාරත්න විසින් තම ෆේස්බුක් පිටුවේ පළ කරන ලද කෙටි කතා විස්සක එකතුවකි

 

book-author

format