අනාථ නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්රහයක යෙදේ .
‘සත්‍යාංගනා’ සහ ‘සැඳෑ සක්මන’ මාලා ටෙලි නාට්‍යයන්හි සහ ‘විසිපස්වෙනි තට්ටුව’ කෙටිකතා සංග්‍රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාද්යෙව්දියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකිය. 2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී “මේක පොඩ්ඩක් කියවලා බලන්නැ” යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය එවක ඔහු චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයකු ලෙස සේවය කළේය. “මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා” ඔහු නැවත කීවේය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි.
‘සූරිය කුසුම’ නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක වො කාලය නිමවා යළි ලංකාවට පැමිණී පසුවය. සූරිය කුසුම මා අත පත් වූ පසු එය ද එක හුසමට කියැවීමි. අප ඇද බැඳ තබාගන්නට සූරිය කුසුම සමත් ය. අප සිතූ රසයෙන් හා කුතුහලයෙන් පුරවන්නට සූරිය කුසුම සමත්යය. කෙටිකතාකරුවෙක් ලෙස නමක් දිනූ චූලා, නවකතාකරණයට පිවිසෙන්නේ, ඒ ක්ෂේක්රෙය් ද ප්‍රතිභාව හා කුසලතාව පළකරන පෙර මං සළකුණු ‘සූරිය කුසුම’ ඔස්සේ චිත්රණය කරමිනි.
ඉතින්, චූලාගේ මුල්ම නවකතාව – සූරිය කුසුම – කියවන්න. එය කියවන්න කියවන්න ආශා හිතෙන නවකතාවකි. – සමන් අතාවුදහෙට්ටි.