හැඟුම් ගඟ ම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පි,ස
කඳු මුදුනට යන කිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳ මෟලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුද්‍රයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි