ඩර්ස්ලිලාගෙන් සහ පි‍්‍රවෙට් ඩ්‍රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පොටර් සුදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු එ්වාය. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමා්රට්ගේ ඉදිරි වී ඇති හොර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේගය පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.
උපද්‍රවවලින් පිරුණු, දෛවෝපලත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පොටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පොටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            
















