ප‍්‍රිවෙට් ඩ‍්‍රයිව් මාවතේහි අංක හතර දරණ නිවසේ එදිනද උදේ ආහාර මේසයේදී මත භේදයක් ඇති විය. එදින රැුය පහන් වේගන එන වේලාවේදී, තම ඥාති පුත‍්‍ර හැරීගේ කාමරයෙන් නිකුත් වූ බස්සකුගේ මොරදීමකින් වර්නන් ඩර්ස්ලී මහතා නින්දෙන් අවදි වී තිබුණේය. ”ජංජාලය යි! මේ සතිය තුළ තුන්වැනි පාර!” කෑම මේසයේ අනෙක් පස වාඩි වී සිටි හැරී දෙස බලමින් හේ ගෙරෙව්වේය.
”උඹට ඔය යස්ස බස්සාගේ කට වහන්ඩ බැරි නම් ඌ මේ ගෙදරින් පන්නන්ඩ ඕනි!” ”එයාට මෙහේ කම්මැලියි” හැරී කරුණු පහදන්නට විය. ”එ්කිට පුරුදු රාත‍්‍රියේ එහේ මෙහේ ඉගිලෙන්ඩ යි. එයා රාත‍්‍රියේ පිටතට අරින්ඩ පුළුවන් නම් රවුමක් ගහලා එන්ඩ….” ”උඹ හිතන්නේ මාව තම්බන්ඩ පුළුවන් කියලාද?” වර්නන් බාප්පාගේ මුව, බදින ලද බිත්තරවලින් පිරී තිබිණ. බදින ලද එක් බිත්තර කෑල්ලක් ඔහුගේ මුවෙන් පිටතට එල්ලෙමින් තිබිණ. ”ඔය සතා එළියේ රවුම් ගහන්ඩ ගියොත් වෙන්නේ මොනවාද කියලා මම දන්නේ නැද්ද?”…
        “හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස් – Harry Potter Saha Deathly Hallows” has been added to your cart. View cart    
හැරී පොටර් සහ රහස් කුටිය – Harry Potter Saha Rahas Kutiya
By (author)Abhaya Hewawasam
        Rs.1,990.00
Author: J K Rowling
Translator: Abhaya Hewawasam
Publisher: Sarasavi Publishers
ISBN: 978-955-573-623-7
Page Count: 400
| Categories: | Children’s - ළමාකතා, Story-Teller, Translations - පරිවර්තන | 
|---|---|
| Tags: | Children, Kids, Stories, Translation, හැරී පොටර් | 
| book-author | |
|---|---|
| format | 


			
			
            
            
            
            
















