හිත හදාගත් කෙනෙක් (පද්‍ය) – Hitha Hadagath Kenek

Rs.298.00Rs.350.00

3 X Rs. 99.33 with mintpay_info_icon_woocommerce

Author: Samitha B. Atuwabandaela

Publisher: Godage Publishers

ISBN: 978-624-00-2192-0

Page Count: 64

සාර්ථක කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් සහ කෙටිකතා සංග්‍රහයක් ද තීරුලිපි සංග්‍රහයක් ද පළ කර ඇති සමිත බණ්ඩාර අටුවබැන්දෑල සම්මාන ලාභී දක්ෂ කවියෙකි. ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය වන හිත හදා ගත් කෙනෙක් කාව්‍ය ග්‍රන්ථ අත්පිටපත ගොඩගේ ප්‍රකාශකයින්ගේ කාව්‍ය ග්‍රන්ථ අත්පිටපත් තරගයේ හොඳම කාව්‍ය ග්‍රන්ථ කිහිපයෙන් එකක් ලෙස තේරී පත්ව මුද්‍රණය වී ඇති කෘතියකි.

ඔහුගේ රීතිය නිර්මාණාත්මකය. අතිශය නැවුම්ය. ඔහු ස්වකීය කාව්‍ය චින්තාවන් ඉදිරිපත් කරනුයේ ඉතා රමණීය ආකාරයෙනි. විසල් අපූර්වත්වයකිනි. එනිසාම අඳුරු රැයක දිදුලන දීප්තිමත් තාරකාවන් මෙන් ඔහුගේ විසල් කවිත්වය මෙම කෘතිය පුරාම දිදුලනු පෙනේ.

ඔහුගේ නිසග ප්‍රතිභාව හා පරිකල්පනය නිසා ඔප් නැංවෙන චින්තාවන් අපූර්ව කාව්‍යයන් බවට පත්වන්නේ රසිකයා විස්මපත් වන ආකාරයෙනි. මේ ඊට එක් නිදසුනක් පමණි.

ගඟ

(දුර ඈත පිහිටි

තමන් උපන් කඳු දෙස බලාගෙන

ගිමන් හරියි.

සැප දුක සමබර කරගෙන

ආ ගමන ගැන හිත හිත

මෝය කට ළඟ

ලුණු වතුර බිබී

මහලු වෙයි)

ඔහුගේ කවිත්වයට සහතික සැපයීම අනවශ්‍ය ව්‍යායාමයකි. ඔහුගේ කවිත්වයේ අරුමය දකින්නට එම කවියක් කියැවීම ම ප්‍රමාණවත් වේ.

ප්‍රවීණ කිවියර, විචාරක

සෙනරත් ගොන්සල් කෝරාළ

format