ප්රීතිමත් නගරයක්
( හෙවණැල්ල වී පවතිමි – ලියනගේ අමරකීර්ති – 68 පිට )
සකියනි සොයාගත්තෙමි
ප්රීතියෙන් ඉන්නට
එකම හදවතක්
නොබිඳෙන නගරයක්
ධනාත්මක දේශන
කටපාඩමින් දැන මෙන්
ආදර උපදේශ
චක්කරේ මෙන් පාඩම්
කවුරුත් සිනාසෙන
සිතක් නොරිදෙන නගරයක්
හදක් නොබිඳෙන නගරයක්
කලක් මම විසුවෙමි එහි
සිනා විතරක් ඇති
සඳක් වැනි මුහුණකි එය
එහෙත් එහි ඇත එක දෙයක්
මගෙ හද බිඳින කරුණක්
නොලියවෙයි ඒ නගරේ
කිසිම කවියක්,කතාවක් හෝ නළුවක්
එය ප්රීතිමක් නගරයක්
ගැඹුරුම ශෝකයක්
හද ගැබ දරාගත්