තණ භූමියේදී ඔහු මාව ළඟට ගත් විට දැනුණ දෑ…..
ජේම්ස්ගෙන් ඔහු මාව මුදාගත් විට අන්කාරය මැදින් ඇසුණ ඔහුගේ හඬ…. මා විවාහ කරගන්නට බලා සිටිනා අතර මල් වියන යටින් දුටු ඔහුගේ මුහුණ .. දූපතේ ගෙවුණ අගනා සොඳුරු අවස්ථා…. මගේ ශරීරය තුළින් අපේ බබා ගන්නා අතර මට දැනුණ ඔහුගේ ශීත ඇඟිලිවල ස්පර්ශය…
තියුණු මතක…. පූර්ණව සිහිපත් කළ හැකි මතක… අළුත් ජීවිතයට දෑස විවර කළ විට දුටු ඔහුගේ මුහුණ …. නිමාවක් නැති සදාකාලිකත්වයේ අරුණෝදය… පළමු හාදුව…. අපේ පළමු රාත්රිය……

















