බුදු දහමින් හික්මවන ලද ගැමි සමාජය චිරාත් කාලයක් සරල ඇවැතුම් පැවැතුම්වලින් යුතු විය. මෑත අතීතයේ කාන්දු වන්නට පටන් ගත් අතොරක් නැති සමාජ,දේශපාලන හා ආර්තික බලපෑම්වලට ගොදුරු වන තුරු මිනිස්සු ලද දෙයින් තෘප්තිමත්ව, සාරදර්ම රැකගෙන ජීවත් වූහ. එහෙත් ධනය ඉපැයීමෙ තෘඃෂ්ණාවෙන් අති දාවනයක යෙදෙන්නට වෑයම් කල ඇතැමෙක් අර සාරධර්ම කෙළෙසාලමින් ජීවිතය කණපිට පෙරළා ගත්හ. එබඳු අමුතු වෙස් ගත් සමාජයක් තුල මිනිසකුගේ ජිවිතයේ හඩ තල වෙනස් වන්නට පටන් ගන්නා අයුරු ‘මිනිස්සු’ නවකතාව තුලින් විමසා බැලේ.