ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මි – Srikantha Saha Rajalakshmi

Rs.1,050.00

3 X Rs. 350.00 with mintpay_info_icon_woocommerce

Translator: Chintha Lakshmi Sinhaarachchi

Publisher: Wijesooriya Grantha Kendraya

ISBN: 955-652-002-3

Page Count: 270

ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළුෑ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ. ඔවුන් දැන් කොහේ ඇද්දැයි මට නිතරම සිහි විය. ඔවුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. සැඳෑ හිරුරැස් අප ඉදිරියේ වු තැනිතලාවේද එහි තිබුණු හුදෙකලා බට පඳුරේද සියඹලා ගස් මතද රන් පැහැයක් තැවරීය. මම රාජලක්ෂ්මීට හොරෙන් ඇගේ මුහුණ දෙස බැලුවෙමි. ඇගේ දෙතොල් මත වූ සිනාව ඒ වන විටත් මැකී ගොස් තිබුණේ නැත. හිරුගේ විසිරුණු ස්වර්ණ ප්‍රභාවෙන් ඇගේ සුපුරුදු සිනාමුසු මුහුණ දකිද්දී එය කිසියම් අපූර්ව බවක් පළ කළේය.