“මොන වැරැද්ද
කොරල ආවත් පිරිමින්ව නාවල ගෙට ගන්න ඇහැකි දුවේ, හැබැයි කෙල්ලෙක්ට, ගෑණියෙක්ට වරදක් උනොත් ආය ඒ වැරැද්ද හදනව බොරු”
“මයි හිතේ මං මක්ක කොරත් හිතුවත් ලෝකෙ බලාපොරොත්තු වෙන්නෙ තමංගෙ කසාද පුරුසයගෙ මොන වරද තිබ්බත් ඒ හැමදේම ඉවසාන කොරාන ඔලුව නවං ඉන්න ගෑණුන්ව
“කිසිම වෙලාවක කසාදෙ ඇතුළෙ සෙංගතුකං හොයන්නෙ තනන්නෙ නැති ගෑණුන්ව.”
“පවුල ඇතුළෙ වෙන පුරස්න එළියට අරං ගොහින් එළියෙන් එව්වට උත්තර හොයන්න කරන්නෙ නැති ගෑණුන්ව.”
“ඒත් එහෙම ගෑණියෙක් වෙලා ලෝකෙන් කොච්චර හොඳ අහගත්තත් ඵලක් තියේද තමංගෙ කසාද පුරුසයට තමන් ගැන වගක් නැතුව?”



























