හමුවෙන්න තවම හැකි කොම්රේඩ් – Hamuwanna Thawama Haki Comrade

Rs.350.00

3 X Rs. 116.67 with mintpay_info_icon_woocommerce

Author: Wimal Ketipearachchi

Publisher: Ahasa Mediaworks (Pvt) Ltd

ISBN: 9789557861784

අමා

කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන
ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ
පවුරු බැමි ගඩොළු සවිමත් කර කර
අවුරුදු ම දෙකක් සොඳුරිය මා ළඟ

දැන් ඔයා කවි ලියන්නෙත් නෑ මට
චෝදනා හෙමත් ඉඳහිට විසි කර
පාවෙනා දිවිය පාමුළ ඉඳගෙන
කාරණා කියා දුන් හැටි කදිමය

කළු ගලේ හප්පගෙන ඔළුව නිතර ම
කළුවරේ හැප්පිලා ගෙදර එනකොට
සනුහරේ පුප්පගෙන ගියත් අහකට
මා කෙරේ ඇත්තට ම නැමුණු ඇස්දෙක

විග්‍රහ විවේචන පණ්ඩිත දේශපාලනේ
නිග්‍රහ නොකර ඉවසං හිටිය කාරණේ
අනුග්‍රහ මුනිවතෙහි සදය මඳහාසයේ
සංග්‍රහ හෘදයෙනි එ්ක ම තමා ආදරේ

ජීවිතෙන් සමු අරං – හෙට යන්න වෙයිද දන්නෑ
මරණයේ තොටුපළේ – කාල සටහන දෙන්නෑ
මෙකවි දුප්පත් නමුත් – ලියලා ඉවර වෙන්නෑ
අවසාන ප්‍රශ්වාසේ – වෙනකං වෙන්ව යන්නෑ

book-author

format