අමා
කවුරුදැයි කියා හොඳ හැටි දැනගෙන
ඉවුරු බිඳි කඳුළු හසරැලි ගඟබඩ
පවුරු බැමි ගඩොළු සවිමත් කර කර
අවුරුදු ම දෙකක් සොඳුරිය මා ළඟ
දැන් ඔයා කවි ලියන්නෙත් නෑ මට
චෝදනා හෙමත් ඉඳහිට විසි කර
පාවෙනා දිවිය පාමුළ ඉඳගෙන
කාරණා කියා දුන් හැටි කදිමය
කළු ගලේ හප්පගෙන ඔළුව නිතර ම
කළුවරේ හැප්පිලා ගෙදර එනකොට
සනුහරේ පුප්පගෙන ගියත් අහකට
මා කෙරේ ඇත්තට ම නැමුණු ඇස්දෙක
විග්රහ විවේචන පණ්ඩිත දේශපාලනේ
නිග්රහ නොකර ඉවසං හිටිය කාරණේ
අනුග්රහ මුනිවතෙහි සදය මඳහාසයේ
සංග්රහ හෘදයෙනි එ්ක ම තමා ආදරේ
ජීවිතෙන් සමු අරං – හෙට යන්න වෙයිද දන්නෑ
මරණයේ තොටුපළේ – කාල සටහන දෙන්නෑ
මෙකවි දුප්පත් නමුත් – ලියලා ඉවර වෙන්නෑ
අවසාන ප්රශ්වාසේ – වෙනකං වෙන්ව යන්නෑ